ආදරියේ රුචිරාණනියේ - මොහිදීන් බෙග් | Adariye ruchirananiye - Mohideen Baig


ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

මා හා ඇයි මේ සතුරු වැල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා යයි රුහිරේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ



ගායනය - මොහිදීන් බෙග්
ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - සජාඩ් හුසේන්




වීඩියෝව - Dr196903

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...