සුසුදු සුදු හංස විලේ - අමල් පෙරේරා | Susudu sudu hansa wile - Amal Perera


සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ

කොපුල් තල යහනතේ
සුසුම් සඳ ඉවුරේ
කොඳුර කොඳුරා තනි රකිමී //
මා මන්දෝදරියේ

උකුල් තල මිටියාවතේ
පිපෙන පියුම් මඬලේ
සිතුසේ සැනහී වැතිරගමී //
මා මන්දෝදරියේ

සුසුදු සුදු හංස විලේ
කොකුම් සුවඳ දියේ
පිහින පිහිනා සුව විඳිමී
මා මන්දෝදරියේ


ගායනය - අමල් පෙරේරා
සංගීතය - නදීක ගුරුගේ
පද - චාමින්ද රත්නසූරිය

Comments