සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා | Sanda midulata enawa - Mervin Perera


සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා//

ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈ ඉන්නේ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ
ඈතට ඈ යාවි සීතෙට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා...

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ
රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ

සඳ මිදුලට එනවා...//


ගායනය/සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments