සමරු පොතේ පිටු ගැලවී - එම්.එස්. ප්‍රනාන්දු | Samaru pothe pitu gelawee - M.S. Fernando


සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා
සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා
මලට ගොහින් මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා
නූරුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වට පිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මටනම් රුවට පේනවා
රුවට පේනවා මටනම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා...

සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා...////



ගායනය, තනුව‍, පද - එම්.එස්. ප්‍රනාන්දු

Comments