රන් තරු පායන - කීර්ති පැස්කුවෙල් | Ran tharu payana - Keerthi Paskuwel


රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ

මිහිර සොයා ගිය මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ

පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ

මිහිර සොයා ගිය මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ //


ගායනය - කීර්ති පැස්කුවල්
ගී පද - ස්ටැන්ලි පීරිස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්



nalinsra

Comments

  1. මම අහල තියෙන විදියට මේ ගීය මුලින්ම ස්ටැන්ලි පීරිස් ගයපු ගීයක්. ඊට පස්සේ දෙවනුව තමයි කීර්ති ගයලා තියෙන්නේ.

    ස්ටැන්ලි පීරිස් ගැයූ ගීය ගුවන්විදුලියේ තැටියක් විදියට තවමත් තියෙන බව මට කවුරු හෝ කලකට ඉහතදී කිව්වා.

    ඒ වගේම මේ ගීය තමන් මුලින් ගැයූ බව ස්ටැන්ලි පීරිස් ජීවත්ව සිටියදී පිලිඅරන් තිබුණා මතකයි.

    මේක කීර්ති අතට පත්වෙන්නේ ෆෝචූන්ස් වාදක මණ්ඩලයේ කීර්ති හිටපු නිසා.

    ReplyDelete
    Replies
    1. මම නම් මේක අහල තියෙන්නෙ කීර්තිගේ හඬින් විතරයි. නමුත් මේ වීඩියෝවෙ තියෙන විධියට මුලින්ම කියල තියෙන්නෙ ස්ටැන්ලි වෙන්න ඕන. :-)

      Delete
  2. ඔව් නේද? ඕන් හැදුවා!

    ReplyDelete
  3. SUDU ANDAGENA SANDA AWIDIN -DIWUL GANE
    CHORD DANNAKO

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...