ප්‍රේමයේ විල් තෙරේ - මාලනී බුලත්සිංහල | Premaye wil there - Malini Bulathsinhala


ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ...

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ...//


ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම්. ජයවර්ධන

Comments

  1. මේ ගීයේ සංගීතයේ ලොකු වෙනසක් දකිනවා. සමහර වෙලාවට මටම හිතෙනවා මේ එච්.එම්. ද කියලා.වේගයෙන් වැයෙන රිද්මයත් මාලනීගේ හඬත් දෙකම ගැලපෙනවා.

    මේ ලංකාවෙ කැසට් යුගයේ ඒකියන්නේ අසූව දශකයේ සුන්දරම ගීත අතර රැ‍ෙඳෙන ගියක්.

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ නිහඩව සිටියත්, සංගීතය ගැන ගැඹුරින් හදාරා නොතිබුණත්, එච්.එම්. ගේ තනුවලට අභියෝග කරන්න බැරි බවයි. ඒවා ඒ තරමටම මිහිරියි. නන්දා මාලිනියගේ පවා ජනප්‍රිය ගීත බොහොමයක සංගීතය එච්.එම්. ගේ.

    ReplyDelete
  3. නොමැකෙන රසයක් බෙදූ නම නොබෙදූ සංගීතවේදියා එච්. එම්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...