පාවේ වලා - වික්ටර් රත්නායක | Pawe wala - Victor Rathnayaka

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා//

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ

පාවේ වලා...

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ

පාවේ වලා...


ගායනය - වික්ටර් රත්නායක
සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - මීගොඩ විල්සන්

Comments

  1. ජීලි 20 වෙනි සිකුරාදා වික්ටර් අවසන් "ස" ප්‍රසංගයේදි මේ ගිය ගැයුවා නැරඹු අයගේ ඇස්වලින් කඳුලු වැටෙන්න. මම ඒගැන පෝට් එකකුත් ලිව්වා.

    ReplyDelete
  2. ලක්ෂණ ගීතයක් පෞද්ගලිකව ගොඩක් කැමතියි මේ ගීතයට.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...