ඔබ දේදුන්න ආකාසයේ - මර්වින් පෙරේරා | Oba dedunna akasaye - Mervin Perera


ඔබ දේදුන්න ආකාසයේ
අන්දා තබා යන තෙක් විත් බලා
එය සේදෙන්න වැහි මේකුලේ
සැංගී හඹා එමි කඳුලැල් සලා
ඔබ දේදුන්න ආකාසයේ

සුළ‍ඟේ නළවා
පෙර සේ එනවා
ඔබ මා කළඹා
කිමදෝ යන්නෙ නොරැඳී ගලා//

ඔබ දේදුන්න ආකාසයේ...

ගගනේ පියඹා
කැදලි නොඅඹා
ඔබ ආ ගිය දා
සිට මා ඉන්නේ උමතු වෙලා//

ඔබ දේදුන්න ආකාසයේ...

ඔබ මල් විලකි
මා එහි මලකි
සුවඳින් කැලතී
යමු පීනන්න දියවැල් සලා//

ඔබ දේදුන්න ආකාසයේ...


ගායනය/සංගීතය - මර්වින් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...