මුළු මුහුදම හඬයි - ප්‍රියා සූරියසේන | Mulu muhudama handai - Priya Sooriyasena


මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි
මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතේ
මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි

සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින්
ගිරි වෙරළෙහි ළතවීලා හඬා වැටෙනවා
ඔබ අන් සන්තක වන දුටු සිතකින් කැළඹුන
සිත අඳුරෙහි ලතවීලා හඬා වැටෙනවා

මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...

අප වෙන්වන දින මට කිසි කල නොඑතැයි සිතේ
සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ
ඇය හැර ‍යන්නට සිත මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළත වෙන්නේ හඬා වැටෙන්නේ

මුළු මුහුදම හඬයි මම වෙරළේ නිසසලයි...



ගායනය - ප්‍රියා සූරියසේන
තනුව/ සංගීතය - ප්‍රියා සූරියසේන
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්


Comments

  1. හැත්තෑව දශකයේ තුඩ තුඩ රැව්දුන් ගීයක්. ප්‍රියාගේ ගී ඇල්බම් කීපයක් මා සතුව තිබුණත් මේ ගීය ඇතුළත් මේ ගී ඇල්බමය මට මග හැරුනේ කොහාමද කියල මම කල්පනා කලේ.

    වෙදට නම් ගීයේ පදරචනය සහ සංගිතය කටපාඩම් ඒ මග හැරීම නිසා ඒකත් මතක නෑ.

    ReplyDelete
    Replies
    1. මතක් වුණොත් කියන්නකෝ...

      Delete
  2. Replies
    1. please point them machan. I here the same as I've written :-)

      Delete
  3. Pada rachanaya preamakeerthi de alvis

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...