මහ ගණ වනන්තරේ - ජේ.ඒ. මිල්ටන් පෙරේරා | Maha gana wananthare - JA Milton Perera


මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ
සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ//

ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා
මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා//
වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ
මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ//

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා
ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා//
දිය පාරක් වී බැස යන කල වන පෙතේ
මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ//

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...//


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
සංගීතය - ආර්. මුත්තුසාමි
ගී පද - කරුණාරත්න අබේසේකර


Comments