මා ගැන ඔබවත් හිතුවාදෝ - නිමන්ත කළුආරච්චි, ඩැඩී | Ma gena obawath sithuwado - Nimantha Kaluarachchi, Daddy


මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක්වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා

මා හට දැණෙනා ඒ ආදරයේ හැඟුමන්
ඇයි ඔබ හට නොදැණුනෙ හැඟුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි
මෙමටත් දැණෙනව ආදරෙ තියෙනා සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...

මිතුරන් අතරේ මා අද තනිවී සිටියත්
ඔබගේ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැඟුමක සිරවී තනියෙන්
රහසින් ගලනා කඳුලක ඇති ‍ඒ සුන්දරකම්

මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා...


- නිමන්ත කළුආරච්චි, ඩැඩී

Comments