දේදුන්න සේදී - භාතිය, සංතුෂ්, ආශා බොස්ලේ | Dedunna sedi - Bhathiya, Santhush, Asha Bosle


දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා


මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා

නොසිතූ සේ...
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
සුහදේ...
නොපැතූ සේ...
යායුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ…

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා


ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා බැඳි ආදරේ

තනි වූ දා...
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
රහසේ…
නොපැතූ දා...
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ..
තරු ඇස් වැසේ...

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා

ගායනය - භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, ආශා බොස්ලේ
සංගීතය - භාතිය ජයකොඩි
ගී පද - නිලාර් එන්. කාසිම්



Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...