දෑසේ මල් විලේ - රෝහණ සිරිවර්ධන, මාලනී බුලත්සිංහල | Dase mal vile - Rohana, Malini



දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ

සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ//
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...

නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ//
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...



ගායනය - රෝහණ සිරිවර්ධන, මාලනී බුලත්සිංහල
සංගීතය - සරත් ද අල්විස්
පද රචනය - කුලරත්න ආරියවංශ

Comments

  1. මම රෝහණ සිරිවර්ධන ගැන පෝස්ට් එකක් ලියන්න ඔහුගේ පැරණි ගිත ටිකකුත් සූදානම් කරගෙන ඉන්නවා ඒත් තවම වෙලාවක් හොයාගන්න බැරිවුණා.

    මට හිතෙන විදියට ලංකාවෙ කිසිඳු ආකාරයකින් ඇයුමකට ලක් නොවූ ශිල්පීන් කීපදෙනෙක් අතර ඔහු මුල් තැනක ඉන්නවා. ඒවගේම ඔහුගේ ගීරාවයත් සදාකාලිකයි.

    ඒත් ඒ හඬට සුදුසු පිලිගැනිමක් ලැබුනෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. ඔහුව මතක් කරයි මිය ගිය දවසක. ගායනා කරල තියෙන්නෙ ගීත කීපයක් වුණාට ඒ කීපය අතර තියෙනවා සදාතනික නිර්මාණ කීපයක්ම...

      Delete
    2. ඔය ඝණයටම අයත් අනිත් ගායකයා තමයි දිගු නෙත් හසරැල්ලේ ගයන දයාරත්න පෙරේරා..ඔහුගෙත් ගීත කීපයක්ම තියෙනවා කාලයක් තිස්සේම රසික සිත් සතන් පිනවන..

      Delete
  2. Pada rachanaya kularathna ariyawansha
    Sangeethaya saratha de alvis

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! හැදුවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...