ආදර සැමරුම් කැටි වූ - සනත් නන්දසිරි | Adara semarum keti woo - Sanath Nandasiri


ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

දහසක් මිණි මල් ලිය කම් පෙම පිදු වූ රන් කැටයම්//
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳ යළිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටි වූ...

අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙලූ කඳුළු ගලා//
මැදුරත කිරිගරුඬ පවුරු පවා කැළුම් දේවා
සනාතන වූ පෙම් සටහන් එහි සිතුවම් වේවා

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ//
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ යමුනා තීරේ
යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ යමුනා තීරේ


ගායනය - සනත් නන්දසිරි
සංගීතය - සනත් නන්දසිරි
ගී පද - අජන්තා රණසිංහ

Comments

  1. අජන්තා රණසිංහ මේ ගිය ලියල තියෙන්නේ ටජ්මහල නරඹා එන ගමන් ගුවන් යානය ඇතුලෙදි. කොහොම හරි ගුවන්යානය කටුනායකට එනකොට ගීයත් ලියලා ඉවර වුණාලු

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය රස කතා ඉඳල හිටල ඇවිත් කියල යන්න!

      Delete
    2. නිධාන කතාවත් නියමයි නොවැ :)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...