මුළු ලොවම නැති වුණත් - ටී.එම්.ජයරත්න | Mulu lowama nathi wunath - TM Jayarathna


මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් //

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්... //
වෙන්ව සිටිනා හුදකලාවේ...
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්... //
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම...

ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - කුලරත්න ආරියවංශ


Comments

  1. ටී.එම්.ගේ මුල් යුගෙයේ ගී දෙක තුන අතර මේගියත් තියෙවා.මට මතක හැටියට රත්තරන් නෙත්, ගියත් ආවේ මේ කාලෙමයි. ටී.එම්, රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, තුන් සිතක ගී කියලා එක දිගට ගී නිර්මාණ කල කාලයක් තිබුණා. මේ ඒ තුන් දෙනා අපූර්වතම අවස්ථාවක්.

    තාමත් පැරණි නොවී විදින ගීයක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...