බඹරෙකු ඇඬුවා - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය | Bambareku anduwa - Niranjala, Abeywardana


බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක
අඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා

ලන්ද එහා ඇති ඕවිට පාමුල
කේතකි මල මට බහ දුන්නා
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව
ඉකිබිඳිමින් බඹරිඳු කීවා

බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා

ඇහේ කඳුලු නොව හිතේ කඳුලු දැක
ඇයටත් හරියට දුක හිතුණා
එහෙනම් මා වෙත පියඹා එන්නයි
සෙනෙහෙ සිතින් ඒ මල කීවා


බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා
ඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා



ගායනය - නිරංජලා සරෝජිනී, අ‍බේවර්ධන බාලසූරිය
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ධර්මසිරි ගමගේ



අළුත් අනුවාදය - http://www.mediafire.com/?k3zz5zojmkw

Comments

  1. කේටකි නෙවෙයි කේතකි ඒක හදන්න!

    ReplyDelete
  2. ගී පද : ධර්මසිරි ගමගේ

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...