මේ සඳ වුනත් - බුද්ධික උෂාන් | Me Sanda Unath - Buddhika Ushan


මේ සඳ වුනත් පායා ඇවිත්..
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්..
මේ හුලඟ මත් ආයෙත් ඇවිත්..
නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්...

පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්  ඉවසම්දෝ............

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...

මේ සඳ වුනත්...//

ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
නුඹ ආවත් මේ රැය නැ...
ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
රැය ආවත් මම නැ......

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ...

ගායනය : බුද්ධික උෂාන්
පද රචනය : ඉසුරු වීරසිංහ මුදලි
සංගීතය : සංඛ දිනෙත්



Comments