සඳ කැන් දහරින් - මාලිනී බුලත්සිංහල | Sanda ken daharin - Malini Bulathsinghala


ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........
ආ....අ අ ආ.......

සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා..
දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා..

හිරිපොද වැහි වැටිලා...
කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුළගේ...
සුවඳ මැකී වියැකී...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

සඳකැන් දහරින්...//

ඉද්ද සමන් පිපිලා..
වන පෙත හිනැහෙනවා..
කොවුලිදු ගී ගැයුවා
ගං දොරකඩ රැදිලා...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
“වෙදහාමිනේ“ ටෙලිනාට්‍ය තේමා ගීතය

Comments

  1. වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ තිබුන සිරා සිංදුවක්. මාලිනී අක්කා මියගිහින් මාර්තු 26 ට වසර 10 ක් වෙනවා ඒකත් මේ වෙලාවෙ රසිකයා ම්ල්ලිට මතක් කර දෙනවා.

    ReplyDelete
  2. හිරිපොද වැහි වැටිලා...
    කුරහන් මල් තෙමුනා...
    කොවුලිදු ගී ගැයුවා
    ගං දොරකඩ රැදිලා...

    ඉද්ද සමන් පිපිලා..
    වන පෙත හිනැහෙනවා..
    හිවුඩු පිපෙන සුළගේ...
    සුවඳ මැකී වියැකී...

    ReplyDelete
  3. මේ සින්දුව එක එක තැන්වල එක එක විදිහට තියෙන්නෙ. සමහර තැන් වල හිරිපොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා හිවුඩු පිපෙන සුළගේ සුවඳ මැකී වියැකී කියලා තියෙනවා. සමහර තැන්වල හිරිපොද වැහි වැටිලා කුරහන් මල් තෙමුනා කොවුලිඳු ගී ගැයුවා ගම් දොරකඩ රැඳිලා කියලා තියෙනවා. දෙවැනි කෑල්ල ඉද්ද සමන් පිපිලා වන පෙත හිනැහෙනවා හිවුඩු පිපෙන සුළගේ සුවද හදේ දැවටි කියලා තියනවා. හරි ක්‍රමය දෙවෙනි විදිහ වෙන්න ඕනේ. එතකොට තමයි සින්දුවට හරි තේරුමක් ගන්න පුළුවන් විවාහයෙන් කෙළවර වන ප්‍රේමයක් ලැබුන කියල හිතාගෙන සතුටුවෙන යුවතියකගේ හිතේ ඇතිවෙන සොඳුරු ආදරණීය හැඟීම් මේ ගීතයෙන් එලි දැක්වෙනවා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...