මේ තරම් සියුමැලිද කළු ගල් - සුනිල් එදිරිසිංහ | Me tharam siyumelida - Sunil Edirisinghe


මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා //

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා //

මේ තරම්...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රජිව් වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක

Comments

  1. මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා //

    ReplyDelete
  2. කලා වැව ලග ඉලුක් හෙවණක මැටි පිලක පැදුරත් එළා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රට දිහා...//

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...