රන්වන් රන්කෙඳි - සී. ටී. ප්‍රනාන්දු | Ranwan ran kendi - CT Fernando


රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
රණ හංසිය වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

ඕ... රන්වන් රන්කෙඳි පීරාලා....

නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් මුවේ
රඟපානු සිනා පා ලොවේ

ඕ... රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පිරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ ////


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - නෙවිල් ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර



Comments