ඔබ හිනාවෙන්නෙ කොහොමද - ස්කිට්සෝ | Oba hina wenne kohomada - Skitzo


ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක

ඔබ හිනාවෙන්නෙ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද

මුඩු බිම මත හිමිහිට අඩි තිය තිය
තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
වේදනා ග‍ඟේ ඉහලට පහලට
කිමිදෙන්නේ කොහොමද ඔය විධියට
මට කියාදෙන්න ඒ කොහොමද
මට කියාදෙන්න ඒ කොහොමද

ආදර වැහි කෝඩෙට ගිලිහී ගිය
මඩ තැවරුණ දුක්බර මල් පෙත්තක
ලස්සන හසු නොවුණිද ඔබගේ දෑසට
පියඹා යද්දී ඈතින් ඈතට
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද

මරු කතරක ඉපදී මියෙනා සඳ
මරු විකලෙන් සිහිසන් වුණ මොහොතක
මාර දුවක නොවෙතියි ඔබ සැක හැර
දැනගන්නේ කොහොමද මගෙ සුරඟන
මට කියාදෙන්න ඒ කොහොමද
ඔබ හිනාවෙන්නෙ කොහොමද
අඬන්න විතරක් ඉඩ ඇති ලෝකෙක


ගායනය - සුදන්ත මාධව, ස්කිට්සෝ
සංගීතය - තිළිණ බාලසූරිය
ගී පද - චාමර ගුරුගේ


Comments

  1. මේක පස්ට සිංදුව..... :D

    ReplyDelete
  2. මේ සෙට් 1 ගැන මම මෙහෙම තැනක දැක්කමයි. ස්කිට්Zසෝ ලගෙ මාරම වැඩ ටිකක් තියෙනව ලංකාවෙදි කොහෙදිවත් දැකපු නැති විදිහෙ. මුන් ටික මේව එලියට දන්නෙ නැත්තෙ ඇයි...???

    ReplyDelete
  3. මේකේ ලබැඳි කටහඬ මාධව ගෙ

    ReplyDelete
  4. ගී පද - චාමර ගුරුගේ
    තනුව - තිළිණ බාලසූරිය

    ReplyDelete
  5. තටු මැවුනාද - SKITZOsl

    https://soundcloud.com/thilina-blyz/thatu-mewunada-by-skitzosl

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...