මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා
කාගේ කවුරුන්ද මා හා බැඳෙන්නේ
තාරකා නෙත් අයා...//
අහසෙ සමනල්ලූ ආවාට පියඹා
දෙන්නෙපා මල් කඩා
දෙන්නෙපා මල් කඩා
මුදු කෝමල ගෑනු ළමයිනේ...
තාම නොයිදුල්ය මේ ගීත රාවේ
වේදිකා නෑ තනා....//
කාට පවසන්ද මා දැක්ක සිහිනේ
පේ‍්‍රමයේ කල්පනා
පේ‍්‍රමයේ කල්පනා
මුදු කෝමල ගෑනු ළමයිනේ...//
No comments:
Post a Comment
දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...