වසන්තයේ අග - එඩ්වඩ් ජයකොඩි | Wasanthaye aga - Edward Jayakodi


වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - කපිල කුමාර කාලිංග


Comments

  1. එඩ්වඩ්ගෙ ගී අතර ලස්සනම ගීයක්

    ReplyDelete
  2. හ්ම්.....ඒක ඇත්ත දයානන්ද අයියෙ. බොහොම ස්තූතියි සටහනට !

    ReplyDelete
  3. ලවැලි තලාවක විපුල කුසුම් මත ලවැලි තලාවක විසුල කුසුම් මත යනුවෙන් වෙනස් විය යුතු නොවේද? අළුතින් , අලුතින් විය යුතුය , නොදනිමු අප එය නොව නොදනිමු එය අප

    ReplyDelete
    Replies
    1. එනමුදු මෙම උත්සහය අගය කරමි.

      Delete
    2. උඹ හරි බං. එහෙම තමා තියෙන්නෙ. තැංකිව් හො‍ෙඳේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...