ලියූ කවිපද දහක් - ක්‍රීශාන්ත එරන්දක, මංජුලා නිවන්ති | Liyu kawipada dahak - Krishantha Erandaka, Manjula Niwanthi - sinhala lyrics


ලියු කවි පද හදක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං

නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
කියා ගන්නට බැරිව සැනහුනු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං
තවම පතනවා මං

උණුසුමක් රැදි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹෙ සුසුමක් සමග මියැදී
යන්න තිබුනා නම්
මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන
කදුළු නැ එහෙනම්

සදවතක රැදි සදළු තලයක
තරු කැටක් වී රැදුනු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුනි නම්
මගෙ දරදඩු පිරිමි සිත යට
කඳුළු නැ එහෙනම්

ලියු කවි පද හදක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
තවම ලියනවා මං


ගායනය : ක්‍රීශාන්ත එරන්දක, මංජුලා නිවන්ති
සංගීතය- තිළිණ රුහුණගේ

“අනුත්තරා“ තේමා ගීතය






Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...