සැදෑ කළුවර - නන්දා මාලිනී  | Sande kaluwara - Nanda Malini - sinhala lyrics


සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා...ආ...

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා...ආ...

සැදෑ කළුවර...//

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...ආ....

සැදෑ කළුවර...//

ගායනය - නන්දා මාලිනී
පද රචනය - මඩවල එස්. රත්නායක
සංගීතය - නන්දා මාලිනී

Comments

  1. සහෝදරවරුනි, මට නන්දා මාලිනි මහත්මිය ගයන "සැඳෑ කලුවර කුර ග ගා විත්" කියන ගීතයේ පද වැල් වල අර්ථය කියනවාද? කරුණාකර මට උදවු කරන්න

    ReplyDelete
    Replies
    1. රෑට සෙට් වෙන්න බැරි සීන් එකක්ද මන්දා?

      Delete
    2. මේ ගීතය අසන විට ඔබට සිතුනේ කුමක්ද.මට දැනුන දේ මෙහි ඇති එක පද පේලියක් උපුටා ගැනීමෙන් දක්වන්නම්.ඒ ගීතය පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වාම තදින්ම දැනුන සිතිවිල්ලමය."ගල් ගැසී ඇත පාලු වී ඇත.අදුර පමනක් රජ වෙලා..."රාත්‍රී කාලයක හුදෙකලාවේ මේ ගීතය අසන්න.මට දැනුනු දේ ඔබටත් නිසැකව දැනේවී.

      සැදෑ කළුවර කුර ගගා විත්
      ඔබේ පැල්පත මගේ දසුනින්
      ඈත් වූ සද මගෙ සරා සද
      තනිවෙලා මා තනිවෙලා...ආ...
      හවස් කාලයක පට්ටියක සිටිනා ගවයන් රැල මාවතේ යන අයුරු මවා ගන්න.මොන තරම් කම්මැලි කමින් මොන තරම් සෙමින්ද.කුර ගගා යනු එය නොවේද.පෙමවතගේ පැල් පත ඇත්තේ පෙනෙන දුරකය.කරුවල කුරගගා එන විට තමගේ දෑසින් ඒ දර්ශනය මැකීයයි.අහසේ සද පාය එන මුත් මගේ සිත් ගත් සරත් සද ඈත් වෙයි.තනිකමින් වෙලුනු පරිසරයකට තනිකම ඇති සිතක් එකතු උන විට ඇත්තේ තනිකම ගැන අමුතුවෙන් කියා දිය යුතු නොවේ.

      වළාකුලකුදු නොමැති අහසේ
      මලානික වූ ‍මගේ සිතුවිලි
      ගල් ගැසී ඇත පාළු වී ඇත
      කදුල පමණක් රජවෙලා...ආ...

      වලාකුලක් නැති සද පමනක් ඇති අහස සේ මගේ සිතිවිලි මිලින කර ඇත.කර කියා ගැනීමට කිසිත් නැතිකල ගල ගැසුන සිතක කදුලු කිරුලු පැලදා ඇති බව ඇය කියයි.

      ඔබේ ලෝකය මගේ ලෝකය
      අතර ඇත්තේ රැයක් පමණයි
      ගව්ගණන් දුර ජීවිතේ බර
      මගේ හිස මත බරවෙලා...ආ....

      රැය නිමාවී හිරු පායා ආ විට නැවත මට ඔබව දැක ගැනීමට හැකිය.අපේ ලොකය වෙන් කර ඒ අතරට පැමින ඇත්තේ මේ රාත්ත්‍රියයි.ඔහුගේ නිවස කොපමන සමීපයේ තිබුනත් මේ ආදරය කරන අය නොදැක සීටීම මොනතරම් අසීරු දෙයක්ද.එය ඔහු ගව්ගානක් ඇතින් සිටින්නක් මෙනි.මගේ සිතට එය මහත් බරකි.ඇයට ඔහුගේ තුරුලට යාමට අවැසී වී ඇත.ඇය සිතන්නේ ජීවීතේ ඇති සියලු දුක් නිමා කර ගත හැක්කේ එලෙසය.

      Delete
    3. නියමයි... මේ තියෙන්නෙ හොඳට පැහැදිලි කරලා..

      Delete
  2. පුලුවන්නම් ඉක්මට මේකේ නොටෙෂන් එක දෙන්නකෝ plzzz

    ReplyDelete
    Replies
    1. අපට ඒ වැඩේ කරන්න බැහැ. මෙන්න මෙතනින් කරගන්න පුළුවන් http://www.sinhalasongbook.com/

      Delete
  3. කදුල පමණක් රජවෙලා...ආ... ( අඳුර පමණක් රජවෙලා...ආ...)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...