ආදරෙන් මෙසේ කතා වෙවී - මිල්ටන් මල්ලවාරච්චි | Adaren Mese katha wewi - Milton Mallawarachchi


ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ

මාලිගා එපා වුණා
නෑසියන් එපා වුණා
ජීවිතේ මගේ ඔබේ වුණා

කාටවත් කියා නැතී
ආදරේ වදන් ඇසී
ජීවිතේ ඔබේ මගේ වුණා

බාල සන්දියේ එදා
ආදරෙන් හිනා වෙලා
කී කතා යලි අසා ඉමු

ජීවිතෙන් අපි යලි
වෙන් වෙනා වු යම් දිනේ
ඒ මගේ ද එක්වෙලා යමු

ආදරෙන් මෙසේ කතා වෙවී
ජීවිතේ පුරා සිනාසෙමු
ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු
වාසනා වෙතේ සංසාරේ

පද රචනය - සෝමපාල ලීලානන්ද
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - රූකාන්ත ගුණතිලක


Comments

  1. කාලෙකට පස්සෙ අවිත් තියෙන්නෙ..හොඩ නෙද්ද මේ සින්දු ඔතනින්ම අහන්නත් වැඩ පිලි වෙලක් ඇති කලොත්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...