මා නෙත් කැදැල්ලේ - මිල්ටන් මල්ලවාරච්චි | Ma neth kadalle - Milton Mallawarachchi


මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ
රොන් සොයාලා
රොන් සොයාලා ...//

බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති
ගෙනෙමි දුර ඈත විලකින් බලා...//
ඒ මැද ඔඛෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි...
සුවඳ උලා...

මා නෙත් කැදැල්ලේ....

අරුණ පිණි බිංදුවයි පියුමෙ මකරන්දයයි
පොවමි මේ කුලක කලතා නිවා...//
ඉන්මතු කිසි දාක යන්නෙහිද හද රන් ලෙනේ...
පහන නිවා...

මා නෙත් කැදැල්ලේ....


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - වික්ටර් රත්නායක

Comments

  1. Lyrics - Karunarathna Abysekara
    Music - Victor Rathnayaka

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොෂාන්...

      Delete
    2. 1. සුවඳ උරා නෙවෙයි සුවඳ උලා = සුවඳ ගාලා
      2. මින් මතු නෙවෙයි ඉන් මතු = මේ කුළක කලතා නිවා අරුණ පිනි බින්දුවයි මකරන්දයි පෙව්වට පස්සෙ..

      Delete
    3. ආයෙමත් ස්තූතියි. නිවැරදි කලා :-)

      Delete
  2. ‍ඔබ පළ කරන්න අදහස් කරන ගීයක සංගීතය පද රචනාව කාගෙද දන්නෙ නැත්තම් මට මේල් එකක් දාල අහන්න.

    ReplyDelete
    Replies
    1. නියමයි... මම ඔබේ ගුගල් ප්ලස් එකවුන්ට් එක ඇඩ් කරගත්තා. :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...