නෙතට උළෙලක් - කරුණාරත්න දිවුල්ගනේ | Nethata ulelak - Karunarathna Divulgane


නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා...
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා..//

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා...

නෙතට උළෙලක්...//

ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට...
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට...

නෙතට උළෙලක්...//

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : මහින්ද දිසානායක
සංගීතය : ගුණදාස කපුගේ



Comments