සිත මනමාලකම් කරයි - සමන්ත පෙරේරා | Hitha Manamalakam Karai - Samantha Perera - sinhala lyrics


හිත මනමාල කම් කරයි
සිතුවිලි සීතලෙන් ගැහෙයි...//
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑයම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...

වැලපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හින ඇස හරියි..
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...

හිත මනමාලකම්...//

ගායනය - සමන්ත පෙරේරා
සංගීතය - සමන්ත පෙරේරා
ගී පද - නිලාර් එන්. කාසිම්




වීඩියෝව - Rupavahini Tone Poem

Comments

  1. නිදිනැති හීන ඇස හරියි..

    ReplyDelete
  2. සිතිවිලි සීතලෙන් ගැහෙයි

    ReplyDelete
  3. සිනහා සලලා ඔබ මා දිහා බලා
    නොදොඩා යනවා සෙනෙහේ
    මගේ සිතේ මවා තියා

    මෙම ගීතය හොයාගන්න තියෙනවද?

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...