සඳ එබෙන් එපා - අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව | Sanda ebennepa - Athula Adikari & Samitha Mudunkotuwa


සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//

සඳ එබෙන් එපා...//

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//

සඳ එබෙන් එපා..//


ගායනය - අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව
සංගීතය - නවරත්න ගමගේ
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල

Comments

  1. Nice Work Bro,,, GO On... :)
    mainda Wijerathne

    ReplyDelete
  2. Lyrics: Upul Shantha Sannasgala
    Music: Nawarathne Gamage

    ReplyDelete
  3. ස්තූති වේවා! මෙහෙම දායක වීම අපට ගොඩක් වටිනවා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...