වසත්කාලය මනරම් - දයාන් විතාරණ, නෙලූ අධිකාරි | Wasath kaalaya manaram - Dayan Witharana, Nelu Adhikari



වසත්කාලය මනරම් - ඔබ මලක් වෙනවානම්
මගේ උයනේ නිකැලැල් - පීදිලා එනු හැම කල්
මම දුරින් සුපිපෙන්නම් නුඹට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ලත වෙන්නම්...

නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතක නැති මල් ඇයි මට නුදුරු
පැතුම් මලේ රුසිරූ...මන්ද මට පසමිතුරු
මලක් වී පැතු බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරු...මට නොවෙද පස මිතුරු

වසත්කාලය මනරම්...

නෙලු මලක් වුව මල් ලොව කවුරු
දුරින් හිද මම නරඹමි රුසිරු
නොවෙන් මට නපුරු...කඳුල මට මගෙ ලඟ මිතුරු
හිත පුරා ඇවිදින ඔබෙ පිළිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිද නුදුරු...නිවනු මැන ගිනි පුපුරු

වසත්කාලය මනරම්...

ගායනය : දයාන් විතාරණ සමඟින් නෙලූ අධිකාරී
පද රචනය : රවී සිරිවර්ධන
සංගීතය : කරුණාරත්න විජේසිංහ

Comments

  1. wade nam maru....... mama me gunadasa kapuge mahaththayage "sinhala sindu kiyana..." sinduwa hoyana gaman..... eka nam penna ne wage.....

    but thanks.....

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි නරකයා අදහස් දැක්වුවාට...ඔන්න ඔයා ඉල්ලපු ගීතය දැම්මා..අදහසට reply කරන්න පමා වුනාට සමාවෙන්න ඕනේ.දිගටම රැදී ඉන්න කියල ආරාධනා කරනවා..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...