දුරු කතර ගෙවාගෙන - කරුණාරත්න දිවුල්ගනේ | Duru kathara gewagena - Karunarathna Divulgane


දුරු කතර ගෙවාගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ //

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

දුරු කතර ගෙවාගෙන...

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

දුරු කතර ගෙවාගෙන...

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: එච් එම් ජයවර්ධන
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

Comments