කැරකෙන රෝදේ - එඩ්වඩ් ජයකොඩි | Karakena rode - Edward Jayakodi


කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ..
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ...//

කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...//

කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - කලණි පෙරේරා
පද රචනය - සිරිල් සමරකෝන්



Ruchira Bandara

Comments

  1. මෙය සිරිල් සමරකොන් මහතා ලියූ ගීතයක්.. ඔහු බස් කොන්දොස්තර මහතෙක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොෂාන්!

      Delete
  2. ඇත්තටම හිතට වදින සින්දුවක්

    ReplyDelete
  3. මන් ආසම සිංදුවක්

    ReplyDelete
  4. ඉතාමත් අනුවේදනීය ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිරිල් සමරකෝන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ බස් කොන්දොස්තරවරයෙක්. පුදුම හිතෙනවා නේද? එහෙම කිව්වාම. ඔව් ඔහු දිනපතා රාජකාරි කරනකොට දකිනවා දෙපා අහිමි වූ පුද්ගලයෙක් කරත්තයක ඉන්න. ඔහුගේ රැකියාව කැඩුණු පාවහන් සහ කුඩ මැසීම. ඔහුගේ කරත්තය හැමදාම තල්ලු කරගෙන එන්නේ ඔහුගේ පුංචි පුතා.

    මේ සංසිද්ධිය දකින විට ඔහුගේ හිතට නැගෙන අදහස ඔහු ලියනවා තමන්ට ඩිපෝවෙන් දීලා තියෙන ටිකට් රෝලේ. එහෙම ටිකට් රෝලක ලියවුණු පද රචනය තැපෑලෙන් එනවා ගුවන් විදුලි සංස්ථාවට. එයට මිහිරි තනුවක් යොදනවා කළණි පෙරේරාවන් විසින්. මේ ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි මහතා ඒ වෙනකොට මේ සිරිල් සමරකෝන් කියන්නේ කවුද කියලා දන්නේවත් නෑ. දැකලාවත් නෑ. ගීතයක් ලියන්න සමාජ තරාතිරම වැදගත් නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඉතාම ස්තූතියි මාධව!

      Delete
  5. කැරකෙන රෝදේ පුංචි කරත්තේ
    ඉඳගෙන මම ඉන්නේ..
    පදික වේදිකා පසුකර යන්නට
    තල්ලු කරන් පුතුනේ...//
    *භව ගමනේ එක් තාවකාලික නවාතැන්පලක ලැගුම් ගෙන සිටින මා භවයෙන් මුදවාලීමට කළණ මිතුරාණනි පිහිට වනු මැනවි...*
    කැඩුනු පාවහන් කුඩ නිමවාලා
    දවසේ වියදම සරි කරවාලා
    අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
    තල්ලු කරන් පුතුනේ...//
    *සංකාර දුක්ඛයන් විපරිනාම දුක්ඛයන් නොවීමට දිනපතා වෙහෙස වුවද එය අර්ථවත් වේද? තව දුරටත් භවයට නොව නිවනට වහ වහා යොමු කරලීමට කළණ මිතුරාණනි පිහිට වනු මැනවි*
    කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
    පමා වුනොත් අප මහමඟ තනිවේ
    අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
    තල්ලු කරන් පුතුනේ...//
    *ශ්‍රී සද්ධර්මය සවනෙන් වියැකී ගියහොත් තව දුරටත් සසරේ අප අතරමං වේවි... ඒ උතුම් නිර්වාණය බොහෝ දුර නොවේ. එය සාක්ෂාත් කර ගැනුමට, කළණ මිතුරාණනි පිහිට වනු මැන*
    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    සංගීතය - කලණි පෙරේරා
    පද රචනය - සිරිල් සමරකෝන් *විචාරයේ යම් දෝශයක් වේ නම් සමාවනු මැන

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...