අඩවන් දෑසින් - වික්ටර් රත්නායක | Adawan dasin - Victor Rathnayaka


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින් //

පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි

අඩවන් දෑසින්... //

අවුල් දුහුල් වල සිහිල් පහස වැද
නංවන රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
හෙට දින එය මිය යයි මිය යයි

අඩවන් දෑසින්...//

ගායනය: වික්ටර් රත්නායක
පද රචනය: මහගමසේකර
සංගීතය: සෝමදාස ඇල්විටිගල

Comments

  1. මම කොපියක් ගත්තා !! ස්තූතියි ඈ..

    ReplyDelete
  2. http://www.mediafire.com/?3vz3vof03b4pbux

    ReplyDelete
  3. අවුල් දුහුල් වල සිහිල් පහස වැද
    (රංගනා) රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව (ගැ) සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...