මා ලඟටම තව ලංවෙලා - ඩබ්ලිව් ඩී ආරියසිංහ | Ma Lagatama Thawa Lanwela - W.D.Ariyasinghe - sinhala lyrics




මා ලඟටම තව ලංවෙලා
ඉදින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අද සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..

මා ලඟටම තව...

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...

මා ලඟටම තව...

ගායනය : ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : තිස්සසිරි පෙරේරා

Comments

  1. නූපුර කෝ නෙවෙයි.. නූපුර හෝ.. ඒ කියන්නෙ නූපුරවත් අද සෙළවෙන්නේ නෑ කියන එක නේද?

    ReplyDelete
  2. trepcheiab_mi2001 Jennifer Lewis download
    webtgusbopo

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...