පිපුණු මලක හැඩ - ශාලිත අබේවික්‍රම | Pipuna malaka hada - Shalitha Abeywickrama


පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා
මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා..කලා...

කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා...
නොම විමසා පෙම ඉඟිමැරුවා..
සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා
වෙන්වූවා අප සුසුම් දරා...

පිපුණු මලක හැඩ...

මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා
ඇසේවිදෝ මේ ගී මාලා...

පිපුණු මලක හැඩ...

ගායනය, සංගීතය - ශාලිත අබේවික්‍රම
ගී පද - විපුල ධර්මප්‍රිය ජයසේකර

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...