තුන් සිත දැහැන් - නීලා වික්‍රමසිංහ, කමල් අද්දරආරච්චි | Thun Sitha Dahan Gatha Wela - Kamal Addaraarachchi, Nila Wickramasinghe - sinhala lyrics


තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...

නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : අශෝක කෝවිලගේ

Comments

  1. කලකට පසු අසන්නට ලැබුණු ගේය පද රචනය, සංගීතය සහ ගායනය යන තුන් අංශයෙන්ම විශිෂ්ඨ ගීයක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...