ආදර නිල් දෑසේ - නාරද දිසාසේකර | Adara nil dese - Narada Disasekara


ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

ආදර මල පිපී වැනේ
ඇග පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි
ඒ රන් මල පිපුණේ...

ආදර නිල් දෑසේ...

විමානයේ කදුළු දොරින්
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා...

ආදර නිල් දෑසේ...

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා...

ආදර නිල් දෑසේ...

ගායනය : නාරද දිසාසේකර
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස

Comments

  1. මනමාලයෝ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ ගීයක්..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...