මම යන්නම් - නෙලූ අධිකාරි | Mama Yannam - Nelu Adhikari - sinhala lyrics


මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//

වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...//

මම යන්නම්...//

සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත..
කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...//

මම යන්නම්...//

ගායනය : නෙළු අධිකාරි
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්

Comments