කොහේ යන්නද - බණ්ඩාර අතාවුද, මාලනී බුලත්සිංහල | Kohe yanneda - Bandara Athauda, Malini Bulathsinhala



කොහේ යන්නද
කොහේ ඉන්නද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවි ජිවිතේ අපි
ළං වෙලා ඉමු මේ ලෙසින්
ත්වත් පෙම්වතියන් පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

කොහේ යන්නද...

මේ ලෙසින් සසරේ පුරා අපි
ළං වෙලා සිටියේ හදින්
හෙටත් අදවාගේ බලා හිඳිමු
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නද...

ගායනය - බණ්ඩාර අතාවුද සමඟින් මාලනී බුලත්සිංහල
තනුව - එච්. එම්. ජයවර්ධන
ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී

Comments

  1. මේ ගීය ගැයුවේ අබේවර්ධන බාලසූරිය නොවෙයි. බණ්ඩාර අතාවුද සමග මාලනී බුලත්සිංහල යි. ගී පැදුරේ මෙහෙම සටහනක් තැබුවාට ඔබ අමනාප නොවේවි. නිවැරදිම තොරතුර ලබා දීම වැදගත් කියලා හිතුනා

    ReplyDelete
  2. නිවැරදි කිරීම සම්බන්ධයෙන් දයානන්ද සහෝහට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඔබ වැනි විශිෂ්ඨ රසිකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේම මෙවන් අදහස්මයි...ඉදිරියටත් “ගී පැදුර“ එක්කම රැදෙන්න කියල හදවතින්ම ආරාධනා කරනවා...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...