මල් පිට මල් - අමල් පෙරේරා | Mal pita mal - Amal Perera


මල් පිට මල් හැලෙන දිගු මාවතේ
පිය මත පිය තබමින් හිනැහෙන නුබේ
ඉගි නළුවට වශි වී
අත්තල නගයි තුරුපත් පවා
අත්තල නගයි තුරුපත් පවා //

දිය පිට දියරැලි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගි
එතෙරට යනු දැක ඔබයි මමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි

මල් පිට මල්...

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ
උණුහුම් වෙමින් තුරුලත වෙලී
මුදු රස විදින සඳ ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි

මල් පිට මල්...


ගායනය - අමල් පෙරේරා
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය


වීඩියෝව ගත්තෙ - Amal Perera

Comments