ඔබේ අතගෙන - රෝහණ සිරිවර්ධන | Obe atha gena - Rohana Siriwardena


ඔබේ අතගෙන පෙර සැඳෑවක
උයන් තෙර හිද ආදරෙන්..
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුන මොහොතක...//
හදවතින් තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු නොවේවා...

ඔබේ අතගෙන...//

ඔබේ සිහිලැල් සුරැකි සෙවනේ
රැදී අප හුන් ඒ සැදෑවක..//
හදවතින් මතු වූ සිනා
කිසිදු දිනයක පුද නොවේවා...

ඔබේ අතගෙන...//

ගායනය : රෝහණ සිරිවර්ධන
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

Comments