සඳේ ඔබ - රූකාන්ත ගුණතිලක | Sande oba - Rookantha Gunathilaka


සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා

ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳේ ඔබ...

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ

සඳේ ඔබ...

ගායනය - රූකාන්ත ගුණතිලක
සංගීතය - රූකාන්ත ගුණතිලක
ගී පද - රූකාන්ත ගුණතිලක




Comments