උන්මාදනී හැංගුණා - භාතිය, සංතුෂ් | Unmadini hanguna - Bhathiya, Santhush

උන්මාදනී හැංගුණා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංගනා
රාධා මගේ අංජනා

මල් මී සුගන්ධේ නැළැවී වෙළී
මල්වැල් ගොතන්නී වෘන්දා වනේ
නිල්විල් තලාවේ කිමිදී මිදී
කොයිදැයි විදින්නේ සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

ගෝපීලියන් හා යමුනා තෙරේ
අවුදින් මුලා වූ රධා මගේ
වස්සානයේ ආ මේ කුළුවලින්
සංතාපයේ ලා පොද වෑහුනී
රන්මිණි මෙවුල්දම් බිදෙනා වෙලේ
කෝ කොයිද රාධා උන්මාදනී

උන්මාදනී හැංගුණා...

ගායනය: භාතිය සහ සංතුෂ්
පද රචනය: නිලාර් එම් කාසිම්
සංගීතය: භාතිය සහ සංතුෂ්

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...