රඟහල දැන් ඇත අඩ අඳුරේ - විජේරත්න වරකාගොඩ | Ragahala Den Atha - Wijerathne Warakagoda - sinhala lyrics



රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ..

දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ

අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ

හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා

රඟහල දැන් ඇත අඩ අඳුරේ....

ගායනය: විජේරත්න වරකාගොඩ සහ අනුලා බුලත්සිංහල
පද රචනය: හඩ්සන් සමරසිංහ

Comments

  1. මේ ගීතය වර්ථමානයේ සංගීත් විජේසූරිය කලාකරුවා විසින් නව සංගීත රිද්මයට අනුව රැප් කොටසක් එකතු කරමින් ගායනා කරනු ලබනවා.

    ReplyDelete
  2. එල මචන් keep it up...........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...