මලක මෙලෙක හිතාගන්න - අබේවර්ධන බාලසූරිය | Malaka meleka hithaganna - Abeywardena Balasuriya - sinhala lyrics


මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ //

රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී

මලක මෙලෙක.....

ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ

මලක මෙලෙක.....

ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය: රෝහණ වීරසිංහ

Comments

  1. මලෙක මෙලෙක හිතා ගන්න
    හැකි බව ඔය කවි සිතකට..
    දැනුණා රස පද වැල් නිති
    ඇමිනෙන කොට ගිත වැලක..

    ReplyDelete
  2. ගී පැදුරට හා හා පුරා කියල ගීයක පදවැල් ඇමිණූ මනූ සහෝට, නිරතුරු අප හා රැදීසිට ඉදිරියටත් ගී පදවැල් එක්කිරීමට හැකිවේවායි උණුසුම් සුභපැතුම්...!

    ReplyDelete
  3. හැමදාම වගෙ ලස්සන ගීතයක්, ස්තූතියි,

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...