පායා නැගී ඒවි රන් තාරකා - කරුණාරත්න දිවුල්ගනේ | Paya nagi ewi - Karunarathna Divulgane - sinhala lyrics


පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා//...

දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා..
සේපාලිකා//...

රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
සේපාලිකා//...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - උබේනන්ද දිසානායක
සංගීතය - සිරිල් පෙරේරා

Comments

  1. ගේය පද උබේනන්ද දිසනායක මහතා.
    සත්සර රටාව සිරිල් පෙරේරා ශූරීන්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...