මල් හසරැල් සැලෙන ලොවක් - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා, කීර්ති පැස්කුවෙල් | Mal hasarel salena lowak - Vijaya, Keerthi, Chandralekha


මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්

කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා..
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළු ලනවා...

මල් හසරැල් සැලෙන ලොව

සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම්බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා

ගායනය - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා, කීර්ති පැස්කුවෙල්
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ



වීඩියෝව ගත්තෙ මෙතනින් - lakmal212

Comments

  1. මේ ගීතය ලිව්වේ කුලරත්න ආරියවංශ
    සංගීතය රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා.. ස්තූතියි හො‍ඳේ :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...