සතුටින් නිදැල්ලේ - ග්‍රේෂන් ආනන්ද | Sathutin Nidalle - Greshan Ananda - sinhala lyrics


සතුටින් නිදැල්ලේ - අවසර ලද ඇසිල්ලේ...//
මේ අදුරින් මිදීලා - ඉගිලීයන් කුරුල‍්ලෝ...//
සතුට පතා - හිතා මතා
කියමි ගොතා - නියම කතා..
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ...//

කුරුලෙකු සිර කරලා - තබනු බැහැ නොවැ කිසිදා..//
ඌ ලොවේ සුව සොයා ඉගිලුනේ..
සැනසීමෙන් ඉදලා - මැරුනත් කම්නැහැ කියලා...//
ඒ මිහිර සුව විදින්න - සොඳුරු නැවුම් ලොවට යන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
සතුට පතා - හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ..

සිත සවියෙන් පුරවා - සිටිනා අය ජය ලබලා..//
මේ ලොවේ සුව විදී සැම දිනේ
ඇයි සෝකෙන් තැවිලා - මොකටද ඉන්නේ හඬලා..//
මේ දොරගුළු බිදින්න - පැතූ පැතුම් සඵල වෙන්න
සතුටින් පියාඹන්න - රූං කියා නිද‍හසේ...
සතුට පතා - හිතා මතා
කියමි ගොතා නියම කතා
හොදම කතා විනෝදයට
ඕන් අසාගන්නකෝ..////


ගායනය - ග්‍රේෂන් ආනන්ද
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - හේමසිරි හල්පිට
විත්‍රපටිය - ජය අපටයි

Comments