අරුණළු පැතිරෙන‍ - වික්ටර් රත්නායක | Arunalu pathirena - Victor Rathnayaka


අරුණළු පැතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...

කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා

අරුණළු පැතිරෙන...//

මහ කරුණාවේ සිහිල ගලා එන
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ

අරුණළු පැතිරෙන...//

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. http://www.4shared.com/mp3/cWtKMvcy/Popular_Sinhala_Songa_-_Victor.html

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...